Pitiduwe Siridhamma thera APK
Informazioni sull'Applicazione
Versione 3.0 (#3)
Aggiornata 18 December 2018
Dimensioni APK 2.4 MB
È necessario Android Android 4.0+ (Ice Cream Sandwich)
Offerta da Poorna Buddhika Rajakaruna
Categoria Applicazione Social Gratuiti
Applicazione id youtubesample.eden.com.edenyoutube_master
Note di sviluppatore Siri Samanthabhadra Thero Dharma Deshana e Sinhala bana per lo Sri Lanka
Istantanee
Clicca sull'immagine per vederla a schermo intero
Sommario
Descrizione
❝සුදු ඇතෙක් පහල වෙන එක අති දුර්ලභ කාරණයක්. රටක භාග්යවත් වස්තුව තමයි ඒ රටේ පහල වන සුදු ඇතා. හැමදාම කළුපාට අලි ඇත්තු දැකපු මිනිස්සු සුදු දළ තියෙන ධවල වර්ණ ජද්දන්ත හස්ති රාජයෙක් දැක්කම බියට, ත්රාසයට පත් වෙනවා. අමුතු සතෙක් කියා, මිනිසුන් ඒ සුදු ඇතාට පහර දෙන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ දුෂ්ට පව්කාර හිත් වලට ඒ උතුම් හස්ති රාජයාව තේරුම් ගන්න බැරි වෙනවා .. මිනිසුන් ගැනත් ඔවුන්ගේ සිත් ගැනත් හොඳින් දන්නා ඇතා, ඒ හැම පහරක්ම නිහඬව විඳ දරා ගන්නවා සේම, පහර දෙන මිනිසුන් කෙරේ අනුකම්පාව හා මෛත්රීය පතුරවනවා. ඉන් පසුව ධවල හස්ති රාජයාගේ උතුම් ගුණ තේරුම් ගත් අනෙක් අලි ඇතුන් ඒ සුදු ඇතා පෙරටු කොටගෙන ගමන ආරම්භ කරනවා. ඉන් අනතුරුව ඒ ධවල හස්ති රාජයාගේ වටිනාකම, අගය, තේජස, අභිමානවත් බව මිනිසුන්ට තේරුම් යන්න පටන් ගන්නවා. කාලයක් යන විට ඒ ඇතාගේ හැඩරුව, ප්රඥා වන්තභාවය සමාජය තේරුම් ගන්න විට ඒ සුදු ඇතා, සැබෑවටම මිනිසුන්ගේ යහපත හා සුභ සිද්ධිය වෙනුවෙන් දෙව්ලොවින් මනුලොවට පිදු භාග්යවත් වස්තුව බව ලොවට ගම්ය වෙනවා ... ❞
උන්වහන්සේ මහා බලසම්පන්න දෛවයක් දෑතෙහි දරා මනුලොව උප්පතිය ලැබුවේ දේශපාලනික, ආගමික විප්ලවයන් සිදුකළ ජාතියේ මහා විරුවන් රැසකගේ උපන් භුමිය වූ දකුණු පුරවරයේ ගාලු පළාත තම තිඹිරිගෙය කොටගෙනය. මව් තුමිය ඛේමාවති විය. පිය තුමාණෝ හෙන්රි විය. මහා පුරුෂ යෝගයෙන් සරස්වතී, මහා ධන ලක්ෂ්මි යෝගයෙන් හා අනේකවිද බලසම්පන්න සුභ ග්රහ යෝගයන්ගෙන් සුසැඳි පංචාංගය උන්වහන්සේගේ උප්පත්ති කර්ම ජවය හා පුණ්ය භාග්ය බව ජෝතීර්වේදීන් සනාථ කළෝය. සුන්දර නවම් මාසයේ බුධ හිමි අස්ලිස නැකතේ පුර පසළොස්වක පෙර පෝය දින, මෙම බිලිඳු කුමරාණෝ උභය කුල පරිශුද්ධව මනුලොව ජනිත විය.
සනත් දීප කුමාර නමින් පෙනී සිටි උතුමන් වහන්සේ කුඩාකල සිටම දක්ෂතා වලින් පිරිපුන් යහපත් ළමා ජීවිතයත්, ආකර්ෂණීය දෙනෙත්, මුහුණ හා වශී කෘත කරවන සිනහව සියල්ලන්ගේම සහයෝගය හා උදව් උපකාර ලැබීමට තරම් භාග්යවන්ත හා පින්වන්ත විය.
සාමාන්ය ළමයකු මෙන් ජීවිතය ගත කළෝය. කුඩා කල සිටම මව්පියන්ට වඩා ආච්චි අම්මා වරුන් උන්වහන්සේට මාර්ගෝපදේශකයන් වූහ. පියපස ආච්චි අම්මා කුඩා කාලයත්, මව්පස ආච්චි අම්මා තරුණ කාලයත් උන්වහන්සේ ආදරයෙන් හා සෙනෙහසින් ජීවන නදියෙහි යාත්රා කරගෙන ගියෝය. අසීමිත ආගමික භක්තියත්, ආශ්චර්ය ජනක වූ උපතින්ම ගෙන ආ ධර්ම ඥානයත්, සතිපට්ඨාන සුත්රය සහ චතුභාණවර පාලිය කටපාඩමින් සජ්ජායනා කිරීමේ ජන්ම පුරුද්දත් යන අසීමිත හැකියාවන් නිසා පිටිදූව සිරිධම්මාරාමය කුඩාකළ සිටම උන්වහන්සේගේ ළඟම හිතවතා බවට පත්විය.
කුඩා කළ සිටම ලිවීමත්, කියවීමත්, කතන්දර කීමත්, අපරාජිත තර්කයත් නෛසර්ගයෙන්ම උරුම කරගත් මේ භාග්යවන්ත කුමරාණෝ සමවයසේ සිසුන් අතර නායකත්වය ගත්තා සේම, ඔවුන්ට මාර්ගෝපදේශකයෙක් ද වූහ.
සයවසක් ගිය තැන අප කතානායකයාණෝ පිටිදූව කනිටු විදුහලෙන් මූලික අධ්යාපනය අරඹා, හීනටිගල සාරිපුත්ර විදුහලෙන් දියත් කොට ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයෙන් සියලු විභාගයන් අති දක්ෂ ලෙස සමත්ව කැළණි සරසවියට සරසවි වරම් ලබා අවසන් කළෝය.
අධ්යාපනය නොව ගවේෂණය ජීවිතය කරගත් මහෝත්තමයාණෝ සාම්ප්රදායික ළමා චරිතයක් නොවූහ. ගැඹුරු ධර්ම ඥානයත්, සිවුර කෙරෙහි ඇති අසීමිත ආදරයත් මහණකම කම කෙරෙහි සිත් අලවන පෙර නිමිති වූවත්, කුඩාකල පැවිදි වීමට අකමැති වූවෝය. කුඩාකල සසුන්ගත වී බුදු සසුනේ වියදමින් ඉගෙන ගෙන සිවුරු හැර යාමට වඩා තම ස්වෝත්සාහයෙන් හා ස්වවියදමින් ඉගෙන ගෙන බුදු සසුනට ඇතුළු වී සේවය කල යුතු යයි නිරතුරුව කලපනා කළෝය.
හේ පාසල් පංති කාමරයට කොටු නොවී, තුරු ලතා, ගල් ගුහා, පක්ෂීන්, දියකඩිති, වෙල් යායවල්, කෘතීමව වවන ලද රබර් වගාවන් හා වන ලැහැබවල් දවසේ වැඩි කාලයක් ජීවත් වීම සඳහා තෝරා ගත්තෝය.
Valutazioni e Recensioni
Valutazione: 5.0 su 5 · Less than 100 voti
(*) è obbligatorio
Versioni precedenti
Simile a Pitiduwe Siridhamma thera
Altre app di questo sviluppatore
kotuwe podi hamuduruwo bana කොටුවෙ පොඩි හාමුදුරුවො APK
Budu bana - සෝම හිමියන්ගේ ඇත්ත APK
App più scaricate